POLLS - ඡන්ද විමසීම්

ෆේස්බුක් හරහා ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක සමීක්ෂණයක් කිරීමට මෙම ගෲප් එක යොදා ගන්න. ඔබගේ “සමීක්ෂණ නියැදිය” වඩාත් පුළුල් කරගැනීම සඳහා මෙයට මිතුරන් හැකි තරම් එකතු කරන්න. “නියැදි අවකාශය” ශ්‍රී ලාංකිකයින්ට විතරක් සීමා කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින්ව විතරක් මෙයට ඇතුළත් කිරීමට කාරුණික වෙන්න.

ඔබ ඇතුළු මෙම සමූහයේ සාමාජිකයින්ගේ ගරුත්වය ආරක්ෂා වීම උදෙසාත්, මෙහි අන්‍යතාවය ‍රැක ගනිමින් ඕනෑම තරාතිරමක අයට ගෞරවනීය සංවාදයක් සඳහා සුදුසු ලෙස පවත්වා ගැනීම සඳහාත් පහත දැක්වෙන බහුතර ඡන්දයෙන් සම්මත වූ පොදු එකඟතාවයන් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරමු.

මෙම කණ්ඩායම තුළදී,
[1]. පළ කළ හැක්කේ ඡන්ද විමසීම් (POLLS) පමණි. (ඒ සඳහා සමූහයේ ආරම්භක පි‍ටුවේ ඉහලින් ඇති "Ask Question" ටැබ් එක ක්ලික් කරන්න.)

[2]. වෝල් පෝස්ට්, පින්තූර, වීඩියෝ හෝ "Links" දැමීමෙන් වළකින්න, එහෙත් සංවාද කිරීමේදී ඔබගේ මතය තහවුරු කිරීමට අවශ්‍ය වන "Links" ඡන්ද විමසීම් යටතේ "Comments" ලෙස පළ කිරීමට හැකිය.

[3]. අසභ්‍ය භාෂාව භාවිතයෙන් සහ අසභ්‍ය දෑ පළ කිරීමෙන් වළකින්න.

[4]. කිසිවෙකුට පුද්ගලිකව අපහාස වෙන ලෙස කිසිවක් මෙහි පළ කිරීමෙන් වළකින්න.

[5]. ප්‍රසිද්ධ පුද්ගලයන් (Celebrities) හැර මෙම සමූහයේ සිටින අන් කවරෙක්වවත් ඉලක්ක කරමින් ප්‍රශ්න ඇසීමෙන් හෝ ඔවුන්ව දිගින් දිගටම විවේචනය කිරීමෙන් වළකින්න.

[6]. එක් අයෙක් එක ප්‍රොෆයිලයකට වඩා තබා ගන්නේනම් එම අමතර ප්‍රොෆයිල් මොනවාද යන්න ගැන අන් අයව දැනුවත් කළ යුතුය.

[7]. භාවිතයට නොගැළපෙන නාමයන් වන, ව්‍යාජව යොදාගන්නා ප්‍රසිද්ධ පුද්ගල නාම පද, මිනිසුන් ගරු කරන සංකල්ප නාමපද, මිනිසුන් ගරු කරන පුද්ගලයින්ගේ නාම පද, අපහාසාත්මක නාමපද, අසම්මත නාමපද ආදිය සහිත ප්‍රොෆයිලයන් මෙම සමූහයට එක් කිරීමෙන් හෝ මෙහි භාවිතා කිරීමෙන් වළකින්න.
https://www.facebook.com/groups/194075563979436/permalink/558443307542658/

[8]. මීට අමතරව ෆේස්බුක් හි නීතිමාලාවටත් (Facebook Terms and Policies) ඔබ යටත් වේ.

[9] කන්ඩායම් නීති කඩකිරීම් සම්බන්ධයෙන් ඉවත්කරනු ලබන සාමාජිකයින් ගැන ඒ සාමජිකයින්ට හෝ වෙනත් අයෙකුට විමසිය හැක්කේ ඇඩ්මින්වරුන්ට පෞද්ගලිකව පණිවුඩ යැවීමෙන් පමණි

ඉහත නියමයන් උල්ලංඝනය කරන උදවියව පෙර දැණුම් දීමක් ඇතිව හෝ නැතිව මෙම "POLLS - ඡන්ද විමසීම්" ෆේස්බුක් සමූහයෙන් ඉවත් කරන බව කාරුණිකව සලකන්න.