IQ TESTS & GENERAL KNOWLEDGE - සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ

සාමාන්‍ය දැනීම අද වනවිට පාසැල් ලමුන්ගේ සිට රැකියාවක නියුතු සියල්ලන්ටම අවශ්‍ය දෙයක් වී ඇත..

ඒ අතර රජයේ රැකියා සදහා තෝරා ගැනීමේ තරග විභාගවලදිත් බුද්ධි පරික්ෂණ සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබේ...

මේ සියල්ලටම අපි මේ ගෘප් එක තුළින් පුංචි හෝ පිටුවහලක් ලබා දේ..

ඉතින් එන්න අප සමග එක්වන්න....

දැණුමත් බුද්ධියත් එකවර ලබා ගමු....

සම්මුතීන්:

1. අදාළ නොවන දේවල් සහ දැන්විම් පල නොකරන්න. (උදාහරණ : වෙළඳ දැන්වීම්, පුද්ලික දුරකථන අංක)

2. තමුන්ගේ නොවන ජායාරූප පල කරනවිට එම ජායාරූපයේ නියම නිර්මාණකරු හෝ උපුටාගත් තැන පල කල යුතුය. (මෙය වඩාත්ම අදාළ වනුයේ කමෙන්ට් කිරීමේදීය.)

3. බලධාරීන්ට පොස්ට් එකක් හෝ සාමාජිකයෙක් ඉවත් කිරීමේ අයිතිය සතුය.

සමුහය තුල ඔබ හැමවිටම අනෙකුත් සාමාජිකයින් සමග සුහදව හැසිරිය යුතු අතර, පෝස්ට් හෝ කමෙන්ට් තුල ඔබ කරන ආමන්ත්‍රනය කිසිවකුගේ හිත නොරිදෙන ආකාරයට විය යුතුයි...

මේ තුල සිටින සියළුම සාමාජිකයින්ගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි ඔබ හැසිරිය යුතුයි..

සමුහයට නොගැලපෙන අයුරින් හැසිරෙන පුද්ගලයින් කිසිදු පෙර දැනුම් දීමකින් තොරවම සමුහයෙන් ඉවත් කරනු ඇත.

4. සාමාජිකයෙකු විසින් කරන Post කිරීමක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.

5. සාමාජිකයෙකුට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා Wall Posts භාවිතා කළ හැක. එහිදී ගැටලුව ඍජුව, සංක්ෂිප්තව, හොඳින් වැටහෙන අයුරින් ඉදිරිපත් කළ යුතුය.

6. Post යන්නට Photo, Video, Link, Doc සහ Eventsද ඇතුළත් වේ.

7. සෑම අයෙකුම පිළිතුරැ වල නිරවද්‍යතාව, ගුණාත්මය පිළිබද සැලකිලිමත් විය යතුය.

8. ඔබ යම් ප්‍රශ්නයක් පුද්ගල චරිතයක් අරඹයා විමසන්නේ නම් , ඒ නම පැහැදිලිව සටහන් කල යුතුමය..
නමකින් කොටසක් පමනක් ඇසීමෙන් ඒ පුද්ගල චරිතයට කරන අසාධාරනයක් වේ.

9. වෙළෙද ප්‍රචාරණය, ප්‍රචාරක කටයුතු, දේශපාලනය, හා වර්ගවාදය මෙහි සපුරා තහනම්ය. ඊට එ‍රෙහිව දැඩි පියවර ගැනීමට සිදුවනු ඇත.

10. සමුහයට ඔබ විසින් දමන සියළුම පෝස්ට් මතබේදාත්මක නොවන ඒවා විය යුතුමයි... කිසිදු මතයන් මේ තුල ප්‍රශ්නයක් ලෙසින් ඇසීම නොකල යුතුය.

දැනුම ලෙස යම් අයකු හෝ පුද්ගල කන්ඩායමක් මේ තුල මතවාදයන් වපුරන්න තැත් කලහොත් , එවැනි අය කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව , සමුහයෙන් ඉවත් කිරීම සිදු කරනු ඇත..

11. දැනුම ලෙස කිසිදු විටක පුද්ගල චරිත ඝාතන මේ තුල කල නොහැකිය.

12. කිසිදු විටෙක පුද්ගලික වෙබ් අඩවි වල ලින්ක්, ෆැන් පේජස්, වෙනත් ගෘප්ස් හා පුද්ගල ප්‍රොෆයිල, අසභ්‍ය දෑ සහිත සබැදි පළකිරීමට ඉඩදෙනු නොලැබේ.

13. යම් හෙයකින් ඔබට අතිවිශේෂ වැදගත් යම්කිසි පේජ් එකක් හෝ සමුහයක් සම්බන්දව කතා කරන්න අවශ්‍ය නම් සමුහයේ ඇඩ්මින්වරයකුගේ කලින් අවසරය ලබා ගන ඉදිරිපත් කල හැක...

14. යම් වැදගත් කමකින් යුත් ලින්කුවක් ඉදිරිපත් කිරීමේදී කැමති භාෂාවකින් ඒ පිළිබද යම් හැදීන්වීමක් පළ කළ යුතුමය.

මෙම සමුහයට නොගැලපෙන පෝස්ට් දුටු සැනින් ඔබට හැකිය එය රිපෝට් කරන්න ඇඩ්මින් වෙත...
එය පෝස්ට් සදහා පමනක් නොවේ කමෙන්ට් සදහාද වලංගුය...
එවැනි පෝස්ට් සහ කමෙන්ට් දැමු අය එසැනින්ම සමුහයෙන් බෑන් කර ඉවත් කරනු ඇත..

නීති:

1. යම් පුද්ගලයෙකු විසින් පලකරන ලද පොස්ට් එකක් සදහා (ප්‍රශ්නයක් සදහා) දින දෙකක් තුළ ලබාදෙන සියලු පිළිතුරු ලබාදෙන ලෙසත්, පිළිතුරු ලැබී නැතිනම්, යම් පුද්ගලයෙකු විසින් පිළිතුරු ලබාදීමට තවත් කාලය අවශ්‍ය යැයි පැවසුවහොත් පමණක් ඒ සදහා අවශ්‍ය කාලය පමණක් ලබාදිය යුතුයි.

ඉන් අනතුරුව ප්‍රශ්නය ඉදිරිපත් කළ පුද්ගලයා විසින් පිළිතුර ලබා දිය යුතුයි.

2. පළමු වන නීතිය පිළිපදින්න.

3. දෙවැනි නීතිය කඩනොකරන්න.

.