Online Purchasing

Online Purchasing යනු ශ්‍රී ලාංකාව තුල මුහුණු පොත භාවිතාකරන්නන්ගේ භාණ්ඩ අලෙවි කිරීම හා මිලදී ගැනීම සඳහා නිර්මාණ කරන ලද සංගමයක් බව අප මුලින්ම ඔබට දන්වන්නෙමු. මෙය අනෙක් සංගම් මෙන් ස්පෑම් කිරීමකින් තොරව ඇඩ්මින් වරුන්ගේ කාර්යක්ෂමතාවයෙන් මනාව ගෙනයන විනීත සංගමයකි. ඔබගේ හා අන් අයගේ පහසුව හා ගුණාත්මක බව පිණිස නීති කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. එය අකුරටම පිළිපැද අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටින්නෙමු. 1) ඔබට අලවි කිරීමට අවශ්‍ය භාණ්ඩයේ පින්තුර සමඟ ඔබේ දැන්වීම පළ කරන්න.
2) ඔබේ භාණ්ඩය අලෙවිවුයේ නම් එම දැන්වීම ගෘපයෙන් ඉවත් කරගන්න.
3) බ්ලොග්ස් / පේජස් / සයිට්ස් ආදී දෑ පල කිරීමෙන් වැලකී සිටින්න (එවැනි දෙයක් දුටුවහොත් දැනුම් දීමකින් තොරව එම පුද්ගලයාව අයින් කිරීමට සිදුවේ )
4) අසබ්ය වචන/ අසබ්ය පින්තුරු භාවිතයෙන් වැලකි සිටින්න
5) එකම දැන්වීම දිනකට දෙවරක් නොදමන්න
6) යම් කෙනෙකු ඔබේ දැන්වීමට බාදා කරයි නම් , ඇඩ්මින් වෙත වහාම දන්වන්න. ඔබ නිවැරදිනම් ඒ පුද්ගලයා අප මෙම ගෘප් එකෙන් ඉවත් කරන්නෙමු. එසේම ඔබද නිරවද්‍ය වන්න.
7) 1 සිට 6 දක්වා නැවත කියවා එය පිළිපදින්න ඔබගේ සහය අපේ ඉදිරි ගමනට මනා රුකුලක් වනු ඇත. තව උදව් හෝ යම් දෙයක් වෙතොත් අප ඇඩ්මින් වරුන්ව මෙන්ෂන් කරන්න. දැනට 82,000 කට අධික සාමාජිකයන් ප්‍රමාණයක් සිටින අතර ඔබේ යහළුවන්වද මේ සංගමයට එකතු කර අපට සහය වන්න.
ඔබට ජය. ස්තුති.