ආර්ඩුයිනෝ දැනුම බෙදාගමු.Arduino Danum Bedagamu.

ARDUINO කියන්නේ ලොකු කුඩා බොහෝ දෙනෙකු අතර ජනප්රිය open source electronics platform එකක් .මෙය උපයෝගී කරගෙන අපට ඇතැම් සංකීර්ණ පරිපථයන් ඉතා සරලව නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා .අවට පරිසරයේ වෙනස්වීම් වලට සංවේදී වූ සංවේදකයන් (sensors) ඔස්සේ මෙන්ම අපගේ විධානයන් වලට අනුකුලව ක්රියා කරන විනෝදය සඳහා මෙන්ම එදිනෙදා ජීවිතයේ නිවසේ, කාර්යාලයේ,වැඩපළේ භාවිත කල හැකි ඉතා ප්රයෝජනවත් ඉලෙක්ට්රොනික් පරිපථයන් arduino mini/ arduino uno/ arduino mega ප්රධාන කරගනිමින් අපට නිර්මාණය කර ගැනීමට පුළුවන්.

ඉතින් arduino පිළිබඳව අධ්යයනය කිරීමට උනන්දුවක් දක්වන සහ මේ වන විටත් යම් යම් නිර්මාණයන් අත්හදා බලන යහළුවන්ට ඇති වන ගැටළු සාකච්චා කරමින් දැනුම බෙදාහදාගැනීම සඳහායි මෙම එකමුතුව නිර්මාණය කරනට යෙදුනේ,මෙහිදී.........

*අර්ඩුයිනෝ යනු කුමක්ද?
*අර්ඩුයිනෝ උපයෝගිකරගනිමින් කල හැකි ක්රියාකාරකම්,සහ ඒවා ප්රයෝජනවත් ලෙස එදිනෙදා ජීවිතයේ භාවිතාකළ හැකි ආකාරය ,
*ආර්ඩුයිනෝ පරිපථයන් නිර්මාණය කරන ආකාරය,
*නිර්මාණයන් වලදී යොදාගන්නා sensors,motors,switches,lcd ආදී වූ අනෙකුත් සියලු සංරචකයන් (components) පිළිබඳව,
* සහ ඒවා සපයාගතහැකි ස්ථානයන්,මිල ගණන් පිළිබඳව,
*ආර්ඩුයිනෝ මෘදුකාංගය (ide) යොදාගනිමින් නිවැරදිව කේතයන් (code) ලියන ආකාරය,කෙතයන්හි දෝෂ ( errors) නිවැරදි කරගැනීම,සහ codes අර්ඩුයිනෝ පරිපථයට upload කිරීම

යන කරුණු පිළිබඳව සාකච්චා කරමින් සහ ඔබට පැනනඟින ගැටළු විසනඳා ගනිමින් ඔබට දැනුම ලබාගතහැකිවා මෙන්ම ඔබේ දැනුම යහළුවන් අතර බෙදාදීමට හැකිය.
ඔබට පැනනඟින ගැටළුවක් මෙහි පල කිරීමෙදී ඉතා පැහැදිලිව සහ සරලව ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබගේ යහළුවකු ඉදිරිපත් කර ඇති ගැටළුවකට ඔබ සතුව පිළිතුර පවතීනම් උපකාර කිරීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි.එමෙන්ම පැහැදිලි පිළිතුරක් අපේක්ෂාවෙන් ඒ පිළිබඳව එකමුතුව තුල දීම සාකච්චා කිරීමටද කාරුණික වන්න. එය තවත් අයකුට ප්රයෝජනවත් වනු ඇත.

එමෙන්ම arduyino පිළිබඳව උනන්දුවන,දැනට ක්රියාකාරකම් වල යෙදෙන යහළුවන් මෙන්ම විශේෂයෙන්ම arduino පිළිබඳව සහ electronics පිළිබඳව පරිනත දැනුමක් ඇති යහළුවනුත් මෙම පේජ් එකට එකතුකරගනීමට කාරුණික වන්න.එය ආර්ධුනිකයින්ගේ දැනුම වර්ධනය කරගැනීමට විශාල වූ පිටුවහලක් වනු ඇත.

updates 29 July 2015,,,,,,,
**පිටුවට අදාළ නොවන ලිපි/පින්තුර සහ සබැඳී (link) පලකිරීමෙන් වලකින්න.
**ඔබ ඉදිරිපත් කරන සබැඳි න් සෘජුවම තවත් ව්යාපාරයක හෝ එවන් යමක් සම්බන්දවන්නේනම් එවන් සබැඳින් පල නොකර එය අදහසකින් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
** පිටුවට අදාළ නොවන සහ අසභයය ලිපි/සබැඳින් පලකරන සාමාජිකයින් පෙර දැනුම් දීමකින් තොරව පිටුවෙන් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.


ස්තුතියි!!!