~ පාරම්පරික අත් බෙහෙත් සහ ඔසු පැල ~

මෙම පිටුවේ අරමුණ මෙයයි... "යෝ පූර්ව වෛද්යාය නමොස්තු තස්මෛ!"
ශ්රී ලංකාව සතු මහාර්ඝ වස්තු 2 ක් ඇත.
එනම් ථෙරවාද බුදුදහමත්, දේශීය වේදකමත්ය.
මුළුමහත් ලෝක ප්රජාවගේ හිත සුව පිණිස, දීර්ඝායුෂ පිණිස, සුඛායු පිණිස
මේ දර්ශන 2 ලොවටම බෙදාදීම අප සතු යුතුකමකි.
දේශීය වෙදකමේ එක් විශේෂ අංගයක් නම්
පැළෑටි පිලිබඳ පැරණි දැනුම් සම්භාරයයි.
අද විද්යාව තුලින් දුටු දේ මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ඍෂි වරුන් ධ්යාන වලට සම වැදී දැක ඇත.
අද පරිසරය ගැන කව්රු කතා කලත් ඒ පිළිබද තොරතුරු රැස්ව ඇත්තේ බුදු දහමේත් දේශීය වෙදකමත්ය.
පරිසරයට හිතකාමීව තම ගෙවත්තේ ඔසු පැල කීපයක්වත් වගාකර මෙයට දායකවීම බුද්ධිමත් ක්රියාවලියකි.
නිවැරදි ඔසු ශාක හා අභාවයට යන පාරම්පරික සිංහල අත්බෙහෙත් නැවත නැවත මතක් කර දී
ප්රයෝජනයට ගැනීමට හඳුන්වා දීම මෙම කණ්ඩායමේ අරමුණ වේ.
නිදුක් වේවා! නිරෝගී වේවා! නිවනෙන්ම නිවේවා!!!
සම්මා සම්බුදු සරණයි!_/\_