පරිගණක රහස්

පරිගණකය යනු අද අපි හැමෝම හැමදේටම භාවිතා කරන දෙයක් බවට පත්වෙලා. අපි හැමෝම පරිගණකය භාවිතා කලාට පරිගණකයේ ඇති බොහෝ දේවල් හරියට දන්නේ නෑ. ඉතින් තමන් හරියට දන්නේ නැති දේවල් අහගන්න, ඒවගේම ඒ ගැන දන්නා අය ඉන්නවනම් කියලා දෙන්න ඒවගේම තමන්ට හම්බ වෙන අලුත් අලුත් දේවල් ගැන අනෙක් අයට කියන්න දැන් අපිට පුළුවන්. මම හැමෝටම ආරාධනා කරනවා " පරිගණක රහස් " තුලින් තමන්ගේ ප්රශ්න වලට ගැටළු ඒ වගේම ඒවාට පිළිතුරු ලබාගන්න තමන්ගේ දැනුම බෙදා දෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ එකතුව තුලින් අපිට ගොඩක් දුර යන්න ලැබේවා කියලා ප්රර්ථනා කරමු. ඔයාලට පුළුවන් තමන්ගේ යාළුවොත් මේකට සම්භන්ධ කරන්න. නොදන්නා දේවල් දැනගන්න එයාලටත් මේක ලොකු උදව්වක් වෙයි.

ඒ වගේම තවත් කාරුණික ඉල්ලීමක් කරන්න තියෙනවා. තමන්ගේ පුද්ගලික වෙබ් පිටු ,ඒ වගේම වෙළඳ දැන්වීම් වගේ දේවල් ජනප්රිය කරගන්න මේ පිටුවේ පල කරන්න උත්සහ කරන්න එපා. අපේ ප්රධාන මාතෘකාවට අ දාල බ්ලොග් පිටුවක් වගේ දෙයක් පල කරනවානම් කෙටි විස්තරයක් සහිතව පළ කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොමැතිව වෙනත් අරමුණු සඳහා පල කෙරෙන සියලුම දැන්වීම් ,පෝස්ට් දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමටත් , හිරිහැරකාරී ලෙස එවැනි දෑ කරන සාමාජිකයින් නැවත සම්බන්ධ වීමට නොහැකි ලෙසට කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවන බවද දන්වා සිටිමි..